රාජපක්ෂලා සමඟ ගැටෙමින් සිටි ඇමරිකාව මිත්‍රශීලි වෙන්න උත්සහ කරනවා – ගම්මන්පිල

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයේ මූලික අරමුණ මෙරට රජය සමඟ ඉතා හොඳ මිත්‍රශිලී සබඳතාවයක් ගොඩනගා ගැනීම බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පසුගිය ආණ්ඩුව විසින් SOFA සහ MCC ගිවිසුම් අත්සන් තැබීමට සුදානම් වූවත් මේ වන විට එවැනි අනතුරක් නොමැති හෙයින් ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයාගේ පැමිණීම ගැටළුවක් නොවන බව ඒ මහතා සඳහන් කළේය.

රාජපක්ෂවරුන් සමඟ ගැටෙනවා වෙනුවට සුහදශීලි සබඳතා ගොඩනගා ගතයුතු බවට ඇමරිකානු රජයට උපදෙස් ලැබී ඇති බැවින් රාජපක්ෂලා සමඟ ගැටෙමින් සිටි ඇමරිකානු ආණ්ඩුව මිත්‍රශීලි වීමට උත්සහ ගන්නා බවද ඒ මහතා පැවසීය

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

22 Views