මෙරට 18 සහ 19 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි
ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් Covid-19 ආසාදිත රෝගීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ සහ කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු බවයි.
මිය ගිය එක පුද්ගලයකුගේ වයස අවුරුදු 75ක් වන අතර අනෙක් පුද්ගලයා වයස අවුරුදු 19ක තැනැත්තෙක්.
ඒ අනුව අද දිනයේදී මිය ගිය පුද්ගලයින් ගණන තිදෙනෙක් වන අතර මේ වන විට මෙරට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 19 ක්.