පොලිස් බල ප්‍රදේශ 64කට තවදුරටත් ඇඳිරි නීතිය
දිවයින පුරා පොලිස් වසම් 64 කට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.
ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 37 ක්, කුලියාපිටිය ප්‍රදේශයේ පොලිස් වසම් 5ක්, කොළඹ ප්‍රදේශයේ පොලිස් වසම් 19ක් සහ කළුතර පොලිස් වසම් 3ක් ආශ්‍රිතව එම ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටින්නේ.