පෑලියගොඩ PCR කල සෞඛ්‍ය නිලධාරීන් 9 කටත් කොරෝනා වැළඳෙයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලේ කොවිඞ් ආසාදිතයන්ගේ ආශි‍්‍රතයන් සම්බන්ධයෙන් පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කරන ලද කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නවදෙනකුට ද කොවිඞ් – 19 ආසාදනය වී ඇතැයි එම නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා පැවසීය.

එම නිලධාරීන් සියලූ දෙනා මේ වන විට රෝහල්ගත කිරීමට පියවර ගත් බවද හෙතෙම කීවේය.

මේ අතර කොළඹ නගරයේ ඉකුත් 18 වැනිදා සිට ඊයේ (26 දා) දක්වා පී. සී. ආර්. පරීක්‍ෂණ 5368 ක් සිදුකර ඇති බවත් ඉන් 937 දෙනකුම කොවිඞ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවත් ඒ මහතා පැවසීය. ඒ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලේ ශ‍්‍රම දායකත්වය සැපයූ පිරිසක් සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

26 Views