පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලේ PCR පරීක්ෂණ කළ කොළඹ නගර සභාවේ 9කට කොරෝනා

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලේ Covid-19 ආසාදිතයන්ගේ ආශි‍්‍රතයන් සම්බන්ධයෙන් PCR පරීක්‍ෂණ සිදු කරන ලද කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නවදෙනකුට ද Covid-19 ආසාදනය වී ඇතැයි එම නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා පවසනවා.

එම නිලධාරීන් සියලූ දෙනා මේ වන විට රෝහල්ගත කිරීමට පියවර ගත් බවද හෙතෙම දිවයින පුවත්පතට සඳහන් කර තිබෙනවා.

මේ අතර කොළඹ නගරයේ ඉකුත් 18 වැනිදා සිට ඊයේ (26 දා) දක්වා PCR පරීක්‍ෂණ 5368 ක් සිදුකර ඇති බවත් ඉන් 937 දෙනකුම Covid-19 ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.

ඒ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලේ ශ‍්‍රම දායකත්වය සැපයූ පිරිසක් සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

22 Views