පාකිස්තානයේ පළමු මෙට්‍රෝ දුම්රිය සේවාව ලාහෝර් හි වාණිජ මෙහෙයුම් අරඹයි

පාකිස්තානයේ ප්‍රථම මෙට්‍රෝ දුම්රිය සේවාව වන ඔරේන්ජ් ලයින් සිය වාණිජ මෙහෙයුම් ඉකුත් ඉරිදා ලාහෝර් නුවරදී ආරම්භ කළේය.

ඔරේන්ජ් ලයින් මෙට්‍රෝ දුම්රිය සේවාව දකුණු ආසියාතික කලාපයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව අදියරක් විවෘත කර තිබේ.

චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝව (CPEC) යටතේ මුල් අදියරේ ව්‍යාපෘතියක් ලෙස ඔරේන්ජ් ලයින් දුම්රිය මාර්ගය චයිනා ස්ටේට් රේල්වේ ගෘෘප් කම්පැනි ලිමිටඩ් සහ චයිනා නෝර්ත් ඉන්ඩස්ට්‍රීස් කෝපරේෂන් විසින් ඉදිකරන ලද අතර එය මෙහෙයවනු ලැබුවේ ගුවැන්ෂු මෙට්‍රෝ සමූහය, නොරින්කෝ ඉන්ටර්නැෂනල් සහ ඩේවූ පකිස්තාන් එක්ස්ප්‍රස් බස් සේවාව වේ.

ඔරේන්ජ් ලයින් යනු පරිසර හිතකාමී පළමු සංක්‍රමණ ව්‍යාපෘතිය වන අතර ලාහෝර් වැසියන්ට ලෝක මට්ටමේ සංචාරක පහසුකම් සපයනු ඇති බවට විවෘත කිරීමට එක්වෙමින් පන්ජාබයේ මහ ඇමති සර්දාර් උස්මාන් බුස්ඩාර් සඳහන් කර තිබේ.

ඔරේන්ජ් ලයින් දුම්රිය මාර්ගය කිලෝමීටර 27ක දුරක් ආවරණය කරන අතර උස් නැවතුම් 24 ක් සහ භූගත දුම්රිය ස්ථාන දෙකක් ඇතුළුව දුම්රිය ස්ථාන 26කින් සමන්විත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

30 Views