දොම්පේ රෝහලේ හෙදියන් දෙදෙනෙකුටත් කොරෝනා

දොම්පේ ප්‍රාදේශිය රෝහලේ හෙදියන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එම රෝහලේ ආරංචි මාර්ග සදහන් කරයි.

එම රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු හා හෙද කාර්යමණ්ඩලයේ 10 දෙනකු පී.සී.ආර්. පරික්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව ලබා ගත් පරීක්ෂණ වාර්තාවලට අනුව ඔවුන්ගෙන් මෙම හෙදියන් දෙදෙනාට රෝගය ආසාදනය වී ඇති බව අනාවරණය වූයේ යැයි රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අරලිය පෙරේරා පැවසුවේය.

මෙම තත්ත්වය මත රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු කිරීමේදී කාර්ය මණ්ඩල පුරප්පාඩු පවතින බවද ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

22 Views