දෙහිඔ්විට ලොක්ඩවුන්..

දෙහිඔ්විට ප්‍රදේශයේ ගම්මාන පහක් හුදකලා කිරීමට කටයුතු කර ඇත.

එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ ඉහළ තල්දූව, පහළ තල්දුව, දෙහිඕවිට, ඇපලපිටිය හා තිඹිරිපොල යන ගම්මාන මෙසේ හුදෙකලා කර ඇති බවයි.

කොරෝනා ආසාදිතයන් මෙම ගම්මාන වලින් වාර්තා වීම නිසා මෙම පියවර ගෙන තිබේ.

පෑලියගොඩ මාළු වෙළඳපොල හා සම්බන්ධ ආසාදිතයන් මෙම ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි ද එම කාර්යාලය සඳහන් කරයි.

අදාළ රෝගීන්ගේ ආශ්‍රිතයන් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

The post දෙහිඔ්විට ලොක්ඩවුන්.. appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

24 Views