තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වෙයි

මාධ්‍යවේදියා ::

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගල මරණය 02ක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වෙයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 87 ක් වයසැති කාන්තාවක් සහ 19 ක් වයසැති තරුණයෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඔවුන් කොළඹ කෙසෙල්වත්ත සහ කොළඹ 02ක ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

ඒ අනුව මෙරට සිදුව ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහල ගොස් තිබේ.

අද දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්තා වී ඇත. ඉන් පළමු මරණය වාර්තා වුයේ කොළඹ ඓඪ්H රෝහලෙන්ය. ඒ ජා-ඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් වයසැති පුද්ගලයෙක් වූ අතර ඔහු අක්මාව ආශ්‍රිතව රෝගයකින් පෙලී සිටියේය.

The post තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වෙයි appeared first on මාධ්‍යවේදියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

28 Views