තවත් ආසාදිතයින් 164ක් හඳුනාගැනේ

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 164දෙනෙකු හදුනාගෙන තිබේ.

ඉන් ආසාදිතයින් 08දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර, අනෙකුත් 156දෙනා පෑළියගොඩ මත්ස්‍ය වෙළදසැල ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව අද (27) දිනය තුළ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 457ක්.

දිවලපිටිය සහ පෑලියගොඩ පොකුවල සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,396ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

The post තවත් ආසාදිතයින් 164ක් හඳුනාගැනේ appeared first on Aruna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

31 Views