ඩයනා ගමගේ ගේ පුරවැසි නාඩගම අවසානයි – ලංකාවේ අපරාධ නීතියට අනුව බරපතල වරදක්?

මාධ්‍යවේදියා ::

සජබ ජාතික ලයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ ට බ්‍රිතාන්‍ය පුරවැසි කම හිමි බවත් ඇය ලාංකිකයෙකු නොව බවත් අප විසින් තොරතුරු අනාවරණ කලේ මිට දින කිහිපයකට කෛන් වූවත් ඇය ද්විත්ව පුරවැසියෙකු ලෙසයි බොහෝ වෙබ් අඩවි සදහන් කලේ.

නමුත් ඇය විසින් ජාතික ලැයිස්තු නාමයෝජනා ලබා දීමෙදී ද්විත්ව පුරවැසි බාවය සම්බන්ද කිසිදු ලියවිල්ලක් හෝ මැතිවරණ කොමිසමට ලබා දීනොමැති බව කරුණු අනාවරණය වෙයි.තවද ඇය විසින් වලංගු ශ්‍රීලංකා ගුවන් ගමන් බලපත්‍රයක් මිස ද්විත්ව පුරවැසි ලෙස සටහන් වූ බලපත්‍රයක් කිසිදු විටෙක කොමිසමට ඉදිරිපත් කර නැති බවද අභ්‍යන්තර කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අනුව බ්‍රිතාන්‍ය සමාගම් මැදුරේ ඇගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සටහන් වීම සහ ලංකාවේ ද්විත්ව පුරවැසියෙක් නොවීම හරහා ඈ ලංකාවේ නීතිය නොමග යවා ඇති බව දේශපාලන විශ්ලේශකයින් ගේ මතයයි.කෙසේවෙතත් ඇය විසින් අනීතික අයුරින් එය සගවා ව්‍යාජ ගමන් බලපත්‍රයක් හරහා මේ කටයුතු කර ඇත්ද විමර්ශනය කිරීමට අපරාධ නීතිය යටතේ නඩුවක් ගොනු වෙනු ඇත .

මාකදුරේ මදුෂ් වැනි අපරාද කල්ලි නායකයින් ද රටින් පිටවූයේ මෙවැනිම දේශසීමා නිති උල්ලන්ගනය කරමින් බව සදහන් වෙයි.ඒ අනුව රටක පුරවැසියෙක් තවත් රටක ද්විත්ව පුරවැසිභාවය නොලබා එසේ ව්‍යාජ ලිපිගොනු සකස් කරමින් ක්‍රියා කරන්නෙ නම් ඇය හො ඔහු අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය යුතුය .

The post ඩයනා ගමගේ ගේ පුරවැසි නාඩගම අවසානයි – ලංකාවේ අපරාධ නීතියට අනුව බරපතල වරදක්? appeared first on මාධ්‍යවේදියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 Views