ජාඇල සමාගමක කළමනාකරුවකුට කොවිඩ්

ජා ඇළ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික සමාගමක ප්‍රාදේශීය කළමනාකරුවෙකු වශයෙන් සේවය කළ අයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති නිසා ඔහු කන්දකාඩු යුද හමුදා නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

එම කළමනාකරුගේ පවුලේ සාමාජිකයන් 7 දෙනකු නාවලපිටිය සමගිපුර ඔහුගේ නිවසේම ස්වයං නිරෝධායනයට යොමු කිරීමට නාවලපිටිය තිස්පනේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (26 වැනිදා) කටයුතු කර තිබේ.

ප්‍රාදේශීය කළමනාකරු සේවය කළ සමාගමේ ඉල්ලීමක් මත එම කළමනාකාරවරයා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර පෞද්ගලික ආයතනයකින් එම පී.සී.ආර්. පරීක්ෂණය සිදු කර ඇත.

ශානක ප්‍රසාද් – නාවලපිටිය

The post ජාඇල සමාගමක කළමනාකරුවකුට කොවිඩ් appeared first on Aruna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

24 Views