ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ වැඩසටහන ඇරඹේ


ජාතික ආර්ථික සංවර්ධනයට සමගාමීව ග්‍රාමිය ආර්ථිකය ගොඩනැගීම සඳහා සියලු  දිස්ත්‍රික්ක ආවරණය කරමින් සිදුකෙරෙන ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ වැඩසටහන අද (27) ආරම්භවීමට නියමිතව තිබේ.

අනුරාධපුර උතුරු මැද පළාත් සභා ශාලාවේ දී මෙම වැඩසටහන ආරම්භවීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් මෙම වැඩපිළිවෙල සම්බන්ධීකරණය කරන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කළේය.

සමාජීය යටිතල පහසුකම් සංවර්ධනය, ජීවනෝපාය සංවර්ධනය, දේශිය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීම, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය මෙම වැඩසටහන මගින් සිදුකිරීමට නියමිතය.

මේ අතර ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

අරලියගහ මන්දීරයේ දී මෙම හමුව සිදු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

ආයෝජන අපනයන සංචාරක සහ කොවිඩ් නයින්ටීන් වසංගතයට එරෙහිව සටන් කිරීම ඇතුළු දෙරට අතර සහයෝගිතාව වර්ධනය කර ගත හැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ.

පැහැදිලි නීති පනවමින් හා ඒවා බලාත්මක කරමින් රජය කොවිඩ් නයින්ටීන් වෛරසයට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව තානාපතිවරයා මෙහිදී ඇගයීමට ලක්කළ බව තානාපති කාර්යාලය සඳහන් කළේය.

The post ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ වැඩසටහන ඇරඹේ appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

23 Views