කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට පළමු බහාලුම් නෞකාව පැමිණෙයි
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට බහාලුම් රැගත් පළමු නෞකාව අද(27)සේන්දු වුණා.
සිංගප්පුරුවේ සිට බහාලුම් 800 කින් සමන්විත එම නෞකාව නැගෙනහිර පර්යන්තයට පැමිණියේ පෙරවරු 10 ට පමණයි.
වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ වරාය අධිකාරියේ සභාපති, ජෙනරාල් දයා රත්නායකගේ ප්‍රධානත්වයෙන් එහි පළමු බහාළුම ගොඩබෑමේ කටයුතු සිදුකෙරුණා.