කිලිනොච්චියෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

කිලිනොච්චිය තිරිවෙයාරු දෙවන පටුමග ප්‍රදේශයේ ඉඩමක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් වලදමා තිබියදී ගොඩ ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

කිලිනොච්චිය පොලිසිය පැවසුවේ වගාවන් වෙනුවෙන් ඉඩමක් සකස් කිරීමේදී ඉඩමේ අයිතිකරු අදාළ පුපුරණ ද්‍රවය දැක පොලිසිය දැනුවත් කළ බවයි.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරීන් යොදා ගෙන අදාළ පුපුරණ ද්‍රව්‍ය ගොඩ ගත් බව පොලිසිය සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකයි.

The post කිලිනොච්චියෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

21 Views