ඊයේ හමුවූ කොරෝනා ආසාධිතයින් 541 දෙනාගේ සම්පුර්ණ විස්තරය මෙන්න
ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාධිතයින් 541 දෙනාත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 8413 දක්වා ඉහළ ගියා.
ඉන් 42 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින් වාර්තා වී ඇති අතර අනෙක් 499 දෙනා පෑලිගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් ලෙස හඳුනාගැනුණු බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එම 499 දෙනාගෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 304 ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 191ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය, බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ දංකොටුව යන ප්‍රදේශ වලින් එක් අයෙකු බැගින් හඳුනාගැනුණා.
ඒ අනුව පෑලියගොඩ හා දිවුලපිටිය පොකුරුවලින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 4939ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන්ගෙන් 3,933 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර රෝගීන් 4,464 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.