“ඇමරිකාවේ අය හමුවෙලා තේ එකක් කෝපි එකක් බිව්වට වැරැද්දක් නෑ” – නාමල්

විපක්ෂයට සටන් පාඨ නොමැති වී කලබල වී ඇති බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා මේ අදහස් පල කර සිටියේ අද (27) දින මාධ්‍ය ාමතමින්.

එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ ඕනෑම රටක දූතයන් පිළිගැනීමට රටක් වශයෙන් සූදානම් බවත් ඔවුන්ට ආගන්තුක සත්කාර කිරීමට සූදානම් බවත් ය.

“ඕන කෙනෙක්ට එන්න පුළුවන්. අදහස් පල කරන්න පුළුවන්. ඒත් ඒ අදහස් වලට අපි බැඳිලා නෑ. අද ලංකාවෙ බඩු වැඩිපුරම අපනායනය කරන්නේ ඇමරිකානු වෙළඳපොලට. ඒ නිසා ඒ අය හම්බවෙලා තේ එකක්, කෝපි කෝප්පයක් බීලා කතා කරන එකේ වැරැද්දක් නෑ.” යැයි ඒ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

22 Views