ඇමරිකානු රාජ්‍ය ලේකම්ට විරුද්ධ වෙන්නෙ සටන් පාඨ නොමැති නිසයි – ඇමති නාමල්

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයට විපක්ෂ විරෝධය පළ කරන්නේ දේශපාලන සටන් පාඨ නොමැතිවීම නිසා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අද අනුරාධපුරයේදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව නොබැදි විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

ඉකුත්දා ඉන්දියාව සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සකච්ඡා කළ බවත්, ඉන් අනතුරුව චීන දූත පිරිසක් මෙරටට පැමිණි බවත් දැන් ඇමරිකානු නියෝජිතයින් පිරිසක් පැමිණීමත් සමඟ විදේශ රටවල් සමඟ සබඳතා ගොඩ නැඟෙන බවත් මෙරට නිෂ්පාදන බොහොමයක් යවනු ලබන්නේ ඇමරිකානු වෙළඳ පොලට බවත් අමාත්‍යවරයා අදහස් දක්වමින් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

24 Views