STF 11 කටත් කොරෝනා – කැලණිය, කළුබෝවිල සහ රාජගිරිය කඳවුරු හුදකලා කරයි

පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක සේවයේ නියුතු නිලධාරීන් 11 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගැනීමත් සමග කැලණිය, කළුබෝවිල සහ රාජගිරිය එස්.ටී.එෆ්. කඳවුරු 03 හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

එම කඳවුරු වල මුළුතැන්ගෙය සඳහා අවශ්‍ය මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ වෙත ගිය පිරිසක් මාර්ගයෙන් මෙම වෛරසය වැලඳී ඇතැයි හෙළි වී තිබෙනවා.

ඒ අනුව හුදකලා කළ කඳවුරු තුනේ සෙබළුන් හා නිලධාරීන්ට දේශීය වෛද්‍ය ක්‍රම ඇතුළුව සෞඛ්‍ය පිළිවෙත් යොදමින් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 Views