IPL අවසන් තරග ක්‍රීඩාංගණ දෙකක දී

Dubai to host IPL 2020 fina

Indian Premier League 2020 තරගාවලියේ අවසන් මහා තරගය සහ අවසන් පූර්ව තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳව දැනුම් දීම පසුගිය දා සිදු කළ අතර ඒ අනුව මෙවර අදියරේ අවසන් මහා තරගය Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව මූලික වටයේ තරග අවසන් වීමෙන් අනතුරුව පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් මස 05 වැනිදාත්, Eliminator තරගය නොවැම්බර් මස 06 වැනිදාත්, දෙවැනි අවසන් පූර්ව තරගය නොවැම්බර් මස 08 වැනිදාත් පැවැත්වීමට නියමිතව ඇති අතර අවසාන මහා තරගය නොවැම්බර් මස 10 වැනිදා පැවැත්වීමට සූදානම් කර ඇත.

මෙවර තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඊයේ (25) දිනයේ දී දැනුම් දීමට කටයුතු කළ අතර ඒ අනුව මුල්ම අවසන් පූර්ව තරගය සහ අවසන් මහා තරගය Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේත්, දෙවන අවසන් පූර්ව වටය සහ Eliminator තරගය Abu Dhabi හී දීත් පැවැත්වීමට තීරණය කර ඇත.

මෙවර තරගාවලියේ මේ දක්වා කිසිදු කණ්ඩායමක් තවමත් අවසන් පූර්ව වටය සඳහා තේරී පත්වීමට සමත් වී නොමැති අතර අවසන් වටයේ තරග සියල්ල මෙරට වේලාවෙන් රාත්‍රි 7.30ට ආරම්භ වීමට නියමිතව ඇත.

IPL Playoffs Schedule තරග කාලසටහන 

තරගයදිනයවේලාව ක්‍රීඩාංගණය
අවසන් පූර්ව තරගය අංක 01නොවැම්බර් 05ප.ව. 7.30Dubai
Eliminatorනොවැම්බර් 06ප.ව. 7.30Abu Dhabi
අවසන් පූර්ව තරගය අංක 02නොවැම්බර් 08ප.ව. 7.30Abu Dhabi
අවසන් මහා තරගයනොවැම්බර් 10ප.ව. 7.30Dubai

තවත් ක්‍රිකට් පුවත්:

Women’s T20 Challenge

එම තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා පන්දුවාර 20 තරගාවලියේ තුන්වැනි අදියර ද මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර එහි සියලුම තරග Sharjah හිදී පැවැත්වීමට නියමිතව ඇත.

කණ්ඩායම් තුනක් තරග වදින මෙම තරගාවලිය නොවැම්බර් මස 04 වැනිදා සිට 09 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර තරගාවලියේ දී සියලුම කණ්ඩායම් එකිනෙකා හා තරග වදිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණෙන කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

එම තරගාවලියේ නොවැම්බර් 05 වැනිදා පැවැත්වෙන තරගය හැර අනෙකුත් සියලුම තරග පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතව ඇති නමුත් IPL 2020 තරගාවලියේ අවසන් පූර්ව තරගයක් පැවැත්වෙන නිසාවෙන් නොවැම්බර් 05 වැනි දින තරගය පස්වරු 3.30ට පැවැත්වීමට නියමිතව ඇත.

Women’s T20 Challenge තරග කාලසටහන

තරගයකණ්ඩායම්දිනයවේලාවක්‍රීඩාංගණය
තරග අංක 01Supernovas vs Velocityනොවැම්බර් 04පස්වරු 7.30Sharjah
තරග අංක 02Velocity vs Trailblazersනොවැම්බර් 05පස්වරු 3.30Sharjah
තරග අංක 03Trailblazers vs Supernovasනොවැම්බර් 07පස්වරු 7.30Sharjah
අවසන් මහා තරගය නොවැම්බර් 09පස්වරු 7.30Sharjah

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

The post IPL අවසන් තරග ක්‍රීඩාංගණ දෙකක දී appeared first on ThePapare.com.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

25 Views