“සජිත් මේ පැත්තේ ඉඳන්, ඩයනාව ඒ පැත්තට දුන්නා.. මේක සජිත්ගේ ඩීල් එකක්‘‘ – රංගේ බණ්ඩාර
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස පක්ෂයේ රැඳෙමින් පක්ෂයේ අයිතිකාරිය වන ඩයනා ගමගේව ආණ්ඩු පක්ෂයට දුන් බවත්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන් සහ රවුෆ් හකීම් යන මහත්වරුන් සජිත් ප්‍රේමදාස ළඟ රැඳෙමින් සිය පක්ෂ සාමාජිකයන් ආණ්ඩුවට ලබා දුන් බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේය.
20ට සහාය ලබා දීම තුළින් ඩීල් දමා ඇත්තේ කා සමඟද යන්න වඩාත් හොඳින් විද්‍යාමාන වූ බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේය.
ආණ්ඩු පක්ෂයට සහාය ලබා දුන් පිරිසට එරෙහිව සමගි ජන බලවේගය විනය පරික්ෂණ පවත්වන බව පැවසුවද විනය පරික්ෂණ පවත්වා පියවර ගන්නේ කෙසේ දැයි රංගේ බණ්ඩාර මහතා එහිදී ප්‍රශ්න කර සිටියේය.
රංජිත් මද්දුමබණ්ඩාර හෝ සජිත් ප්‍රේමදාස විසින් දැන් විනය පරික්ෂණ පවත්වන බව කිව්වත් එය වැඩක් නැති බවත් කළ යුතු දේ දැන් කළ අවසන් බවත්, රාජපක්ෂලා සමඟ සජිත් ඇතුළු නායකයන් පිරිස ඩීල් දමා 154ක් ලබා දුන් බවද දැන් මිනිස්සු රැවටීමට කතා කියා පලක් නැති බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.
යු.ඇන්.පී ය කඩා නොදමා එකට තබා ගෙන ඉදිරියට යා හැකි නායකයා කවුරුන්ද යන්නත්, ගිය නායකයා කවුරුන්ද යන්නත්, 47 දෙනෙකුගෙන් ආණ්ඩුවක් කළ හැක්කේ කාටද යන්නත් දැන් ජනතාව අවබෝධ කරගත යුතුව ඇති බව රංගේ බණ්ඩාර මහතා සිය මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියේය.
The post “සජිත් මේ පැත්තේ ඉඳන්, ඩයනාව ඒ පැත්තට දුන්නා.. මේක සජිත්ගේ ඩීල් එකක්‘‘ – රංගේ බණ්ඩාර appeared first on Helanews.