“රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් නිවෙස් තුළම තබා ප‍්‍රතිකාර කිරීම වඩාත් ප‍්‍රායෝගික විය හැකි යි.” වෛද්‍ය ජයරුවන් බණ්ඩාර.

“රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන්
නිවෙස් තුළම තබා ප‍්‍රතිකාර කිරීම වඩාත් ප‍්‍රායෝගික විය හැකි යි.”
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර.

ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගියහොත්, බරපතල තත්ත්වයේ පසු නොවන ආසාදිතයන් රෝහල්ගත නොකර ඔවුන් නිවෙස තුළම රදවා ප‍්‍රතිකාර කිරීම පිළිබදව අවධානය යොමු කිරීම වඩාත් ප‍්‍රායෝගික විය හැකි බව, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි.

කෙසේ වෙතත්, රජය මෙතෙක් එවැනි තීරණයක් ගෙන නැති බව ද වෛද්‍ය වරයා පවසයි.
දැනට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයන්ගෙන් 80% ක් පමණ, රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් බව ද වෛද්‍යවරයා පවසයි.

මේ වන විට, මෙරටින් හත් දහසකට ආසන්න ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇති අතර, ඔවුන්ගෙන් හාර දහසක් පමණ, පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

26 Views