මෙරට 16 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

අද (25) දින අලුයම් කාලයේදී කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේදී මිය ගොස් ඇති රෝගියෙකු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා .
මෙම මියගිය පුද්ගලයා වයස අවුරුදු 70 ක පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහු කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පසුගිය 23 වැනිදා රුධිරයට විෂබීජයක් ඇතුළුවීම හේතුවෙන් ඇති වූ සංකූලතා මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති එම රෝගියා මියගොස් ඇත්තේ ද අදාළ සංකූලතා හේතුවෙනි.

මෙය මෙරට සිදු වූ කොරෝනා ආසාදිත 16 වැනි පුද්ගලයාගේ මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා .

The post මෙරට 16 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි appeared first on Lanka E News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 Views