මයික් පොම්පියෝ හෙට ශ්‍රී ලංකාවට

දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා හෙට (27) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා මෙරටට පැමිණෙන බවත් 2020 ඔක්තෝබර් 27 හා 28 දිනවලදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලීමට නියමිතයි

මෙම සංචාරය අතරතුරදී, පොම්පියෝ මහතා ශ්‍රී ලංකා නායකයින් සමඟ සහ විදේශ අමාත්‍යවරයා සමඟ නිලවශයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර දෙරට අතර නියැලී ඇති බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇති

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූර කාලය තුළදී ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් ජනපදයේ ඉහළම මට්ටමේ සම්භාවනීය අමුත්තා රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා වනවා

The post මයික් පොම්පියෝ හෙට ශ්‍රී ලංකාවට appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

22 Views