මධ්‍යම පළාත තුළ කුර සහිත සතුන් ප්‍රවාහනය අත්හිටුවයි

මධ්‍යම පළාතේ පශු වෛද්‍ය නිළධාරි කොට්ඨාස කිහිපයක සතුන් අතර කුර සහ මුඛ රෝගය වාර්තා වන බැවින් මධ්‍යම පළාත් තුළට පිට පළාත්වල සිටත් පිට පළාත්වලට මධ්‍යම පළාත තුල සිටත් කුර සහිත සතුන් ප්‍රවාහනය කිරීම තාවකාලිකව අත් හිටවා ඇති බව මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්.එම්.කේ.පි.රාජනායක මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.

මේ වන විට මධ්‍යම පළාතේ වත්තේගම, උඩුනුවර, ගම්පොළ සහ තිස්පනේ කොට්ඨාසවලින් ගවයින් අතර මෙම කුර සහ මුඛ රෝගය වාර්තා වන බවත් රෝගය වාර්තා වූ වහාම සතුන්ට එන්නත් ලබා දීම සිදුකිරීම ආරම්භ කර ඇති බවත් අධ්‍යක්ෂවරිය සඳහන් කර තිබෙනවා.

එමෙන්ම තිස්පනේ සහ ගම්පොළ යන ප්‍රදේශවලට උතුරු සහ ඌව පළාත්වලින් ප්‍රවාහනය කර ඇති සතුන්ගෙන් මෙම රෝගය බෝවී ඇති බවට හෙළි වී තිබෙනවා.

පශු වෛද්‍යවරුන් හරහා සතුන්ගේ පූර්ව මරණ පරීක්ෂණ නොපැවත්වීමත් සතුන් ඝාතනයේදී පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයක් සිදු නොවන නිසා එලෙස රෝගී සතෙකු ඝාතනයට ලක් වුවහොත් එම සතාගේ මස් ප්‍රවාහනයේදී ඒ හරහාද කුර සහ මුඛ රෝගය ව්‍යාප්ත විමේ හැකියාවන් පවතින බවද අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කර තිබෙනවා.

මේ සියල්ල සලකා මධ්‍යම පළාතේ සිට පිට පළාත්වලට කුර සහිත සතුන් රැගෙන යාමත්, පිට පළාත්වල සිට මධ්‍යම පළාත තුලට එම සතුන් රැගෙන ඒමත් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලකිව අත් හිටවිමට තීරණය කර ඇති බවත් අධ්‍යක්ෂවරිය තව දුරටත් සඳහන් කළා.

The post මධ්‍යම පළාත තුළ කුර සහිත සතුන් ප්‍රවාහනය අත්හිටුවයි appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

25 Views