පාසල් ළමුන්ට අසැබි දර්ශන ඇතුළත් වීඩියෝ පට විකුණූ දෙදෙනෙක් අත්අඩංගුවට

තංගල්ල නගරය තුළ පාසල් ළමුන් සඳහා ඇසබි දර්ශන ඇතුළත් CD සහ DVD තැටි අලෙවිකල ව්‍යාපාරිකයන් දෙදෙනෙකු තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම වැටලීමෙන් ලිංගික දර්ශන සහිත සී.ඩී සහ ඩී.වී.ඩී. තැටි 110 ක් සොයාගෙන තිබේ. එම ව්‍යාපාරයේ අයිතිකරුවන් වූ තංගල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී සනත් අමරසිංහ, තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වජිර ඉන්ද්‍රජිත්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කරවිට ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

24 Views