පාර්ලිමේන්තුව දෙදිනකට වැසෙයි – විෂබීජ හරණය අද හා හෙට

අද (26) සහ හෙට (27) දිනයේ පාර්ලිමේන්තුව වසා තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කරයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ සියළු ස්ථාන විෂබීජ හරණය කිරීමට නියමිත බව වේත්‍රධාරී නරේන් ප්‍රනාන්දු මහතා පැවසුවා.

මේ අතර පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටි විශේෂ කාර්ය බලකා කණ්ඩායම මුළු මුනින්ම ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ ඔවුන් අනුයුක්ත රාජගිරිය විශේෂ කාර්ය බලකා කදවුරේ අරක්කැමියෙකුට කොවිඩ් ආසාදනය වීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 Views