පළාත් කිහිපයකට වැසි
උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, වවුනියා සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා
ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම උතුරුමැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු ඇති වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇතිවිය හැකි බවත් කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම නිවේදනයේ සඳහන්
The post පළාත් කිහිපයකට වැසි appeared first on LIVE at 8 News.