ජනාධිපති කාර්යාල සේවා කොවිඩ් නිසා දුරකථනය සහ ඊ – මේල් මගින්
මේ වන විට රටේ උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
පනවා තිබෙන සෞඛ්‍ය සීමාවන් නිසා මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුවද සැලකිල්ලට ගෙන දුරකථන, තැපෑල සහ විද්‍යුත් තැපෑල බඳු සන්නිවේදන මාර්ග ඔස්සේ ජනතා ඉල්ලීම් දැනුම් දීමටත්, ඉටු කිරීමටත් අවස්ථාව සලසා තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදල සමග පහත සඳහන් දුරකථන,ෆැක්ස් අංක ඔස්සේ සම්බන්ධ වීමට හැකියාව ලබා දී තිබෙනවා.
ජනාධිපති මහජන සම්බන්ධතා අංශය – 0114354550/ 0112354550
Fax 011 2348855 publicaffairs@presidentsoffice.lk
ඔම්බුඩ්ස්මන් කාර්යාලය – 0112338073
ombudsman@presidentsoffice.lk
ජනාධිපති අරමුදල – 0112354354
The post ජනාධිපති කාර්යාල සේවා කොවිඩ් නිසා දුරකථනය සහ ඊ – මේල් මගින් appeared first on LIVE at 8 News.