ජනප්‍රිය පුද්ගලයන්ගේ නම් පාවිච්චි කරමින් කල මහාපරිමාන අධ්‍යාපන හොරකම මාට්ටු
මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් සිය පාඨාමාලවකට සිසුන් ගෙන්වා ගැනීම සදහා සිය වෙබ් අඩවිය හරහා සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බවට මේ වන විට හෙළිදරව් වී තිබේ.
මෙම හෙළිදරව්ව සිදුකරනු තිබෙන්නේ ජාත්‍යන්තර කීර්තියට පත් සමුද්‍ර ජීව විද්‍යාඥවරියක් වන ආචාර්ය ආශා ද වොස් විසිනි.
ඇය සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා හෙළිදරව් කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, අධ්‍යයන සහකරු වශයෙන් කටයුතු කරන පාරිසරික සංචාර, වනජීවී සහ සොබාදහමේ අර්ථ නිරූපණය සඳහා වන ඇකඩමිය (AEWNI – Academy of Eco Tourism, Wildlife & Nature Interpretation) විසින් තමන්ගේ නම එහි කථිකාචාර්යවරියක ලෙස වංචා සහගත අයුරින් ප්‍රසිද්ධියට පත් කර ඇති බවයි.
තමන්ගේ දැනුවත් භාවයකින් තොරව අදාළ ඇකඩමිය විසින් එහි කථිකාචාර්යවරියක ලෙස තමන්ගේ නම ඔවුන්ගේ වෙබ් අඩවිවල පල කර ඇති බව ඇයගේ සටහනේ ඇතුළත් වේ.
තමන්ගේ නම මෙන්ම තවත් අයවලුන්ගේ නම් ද මෙලෙස ඇතුළත් කර ඇති අතර, ඉන් එක් අයෙකු විසින් තමන්ව මෙලෙස දැනුවත් කළ බවටද ඇය සදහන් කර තිබේ.
එම අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවිය පරීක්ෂා කර ඔවුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සහාය ලබන බව සොයාගන්නා තෙක් එවැනි ආයතනයක් ඇති බවට තමන් දැඩි සිටියේ නොමැති බවද ඇය පවසයි.
AEWNI – Academy of Eco Tourism, Wildlife & Nature Interpretation නමැති මෙම අධ්‍යාපන ආයතන මෙම වංචාව හෙළිකළ ආශා ද වෝස් යනු ශ්‍රී ලාංකික සමුද්‍ර ජීව විද්‍යාඥවරියක සහ උතුරු ඉන්දියන් සාගරයේ නිල් තල්මසුන් පිළිබඳ පර්යේෂණයන්හි පුරෝගාමී කාන්තාවකි.
ඇය 2018 වසරේදී බීබීසී ය විසින් ලොව පුරා සිටින ආකර්ෂණීය හා බලගතු කාන්තාවන් සිය දෙනා අතරට ඇයද තෝරා ගන්නා ලදී.
ආචාර්ය ආශා ද වෝස් විසින් එම අධ්‍යාපන ආයතනයේ පාඨමාලා සම්බන්ධීකාරකවරයාට ඊමේල් ලිපියක් යොමු කර සිදුව ඇති වංචාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙසට ඉල්ලා ඇත.
ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාඨමාලා සම්බන්ධීකාරක සදහන් කර ඇත්තේ මූලික වශයෙන් එය ඔහුගේ වරදක් නොව වෙබ් අඩවිය සකස් කළ පුද්ගලයාගේ වරදකින් සිදුවූවක් බවයි.
ඉන් අනතුරුව ඊට පසුදින ඇයට මෙම වෙබ්අඩවිය සකස් කිරීමට සම්බන්ධ යැයි හදුන්වාගත් පුද්ගලයෙකුගෙන් ඇමතුමක් ලැබී ඇත.
එම අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ විශ්ව විද්‍යාලය විසින් යවන ලද සමහර ලිපි වලින් සිදුවූ වැරදි සන්නිවේදනයක් හේතුවෙන් මෙය සිදුවූ බවයි.
මෙය තවත් ඉදිරියට යෑමෙන් රැකියා අහිමි වීම් පවා සිදුවිය හැකි බවට දීර්ඝ පැහැදිලි කිරීමක් ඔහු විසින් සිදුකර ඇත.
මෙහි විශේෂම සිදුවීම වන්නේ ආචාර්ය ආශා ද වෝස් සිදුකළ හෙළිදරව්වට පසු ඇගෙන් සමාව ඉල්ලා සිටින සටහනක් AEWNI – Academy of Eco Tourism, Wildlife & Nature Interpretation අධ්‍යාපන ආයතනය විසින් ඇගේ නම පල කිරීමට පෙර අවසර ගැනීම අතපසු වූ බව පැවසීමයි.
කෙසේ වෙතත් ආචාර්ය ආශා ද වෝස් සිය සටහනේ සදහන් කර ඇත්තේ තමන් පමණක් නොව එම ලැයිස්තුවේ සදහන්ව තිබූ තවත් අයවලුන්ගේ කැමැත්ත ලබාගෙන නොතිබූ බවය.
View this post on Instagram
A post shared by Asha de Vos (@ashadevos) on Oct 24, 2020 at 12:11am PDT
The post ජනප්‍රිය පුද්ගලයන්ගේ නම් පාවිච්චි කරමින් කල මහාපරිමාන අධ්‍යාපන හොරකම මාට්ටු appeared first on Aruna.