කොළඹ ජනතාව බහුලව ගැවසෙන ස්ථාන විෂබීජහරණය කෙරේ

COLOMBO (News 1st) – කොළඹ මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන විෂබීජහරණය කිරීම අද පිටකොටුවෙන් ආරම්භ විය.

ඒ අනුව මැනිං වෙළඳපොළ , මධ්‍යම බස් නැවතුම්පොළ , ගුණසිංහපුර බස් නැවතුම්පොළ , බැස්ටියන්පුර බස් නැවතුම්පොළ විෂබීජහරණය කරන බව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ නොවැම්බර් මස 02 වැනිදා දක්වා මෙම කටයුතු සිදු කරන බවයි.

ඒ අනුව කොටුව, පිටකොටුව, මරදාන, බොරැල්ල හා කොළඹ ආශ්‍රිත සෑම ප්‍රදේශයකම ජනතාව බහුලව ගැවසෙන ස්ථාන විෂබීජහරණය කිරීමට නියමිතය.


උණුසුම් පුවත්

The post කොළඹ ජනතාව බහුලව ගැවසෙන ස්ථාන විෂබීජහරණය කෙරේ appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 Views