‘කොරෝනා සමාජ ව්‍යාප්තියක් ලෙස සලකා කටයුතු කරන්න.’ – සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති.

 

කොරෝනා සමාජ ව්‍යාප්තියක් ලෙස සලකා සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කිරීම ඉතා වැදගත් යැයි.

 සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා ‘දිවයින’ට ඊයේ (25 වැනිදා) පැවැසීය.

 මෙහිදී තවදුරටත් කතා කළ රවි කුමුදේශ් මහතා මෙසේද කීය. 

 වසංගත රෝග විiා අංශය කියනවා කොරෝනා තාම සමාජ ව්‍යාප්තියක් නැහැ කියලා. ඒත් ඔවුන් රට තුළ කොරෝනා සමාජ පැතිරීමක් නැහැ යැයි සනාථ කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රජා වෛi විiාත්මක කරුණු සම්පූර්ණ කර නැහැ.

 ලංකාව තුළ කොරෝනා සඳහා ප‍්‍රතිදේහ පරීක්‍ෂණ සිදු කිරීමට අවසර ලබාදී නැති නිසා ස්වාභාවික සුවපත් වූ ආසාදිතයන්ගේ දත්ත ලබා ගැනීමේ හැකියාවක් නැහැ. බුද්ධි අංශවලට පවා රෝගීන් හඹා යා හැකිවෙලා තිබෙන්නේ පී.සී.ආර්. පරීක්‍ෂණ මගින් ලබාදෙන දත්ත අනුව පමණයි. රෝගය පැතිරීමේ මාර්ගය සොයා යෑමේ බුද්ධි අංශ ක‍්‍රමවේදය තුළ වුවද දත්ත නොමැති නිසා රෝගීන් මග හැරීම සහ ඔවුන් සමාජය තුළ අහඹු ලෙස ව්‍යාප්තවී සිටීමද සිදුවිය හැකියි. 

 කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට අසූවක ප‍්‍රමාණයක් රෝග ලක්‍ෂණ නොමැති හෝ සුළු රෝග ලක්‍ෂණ සහිතව ස්වාභාවිකව සුවපත් විය හැකි ආසාදිතයන් බව සැලකෙන බැවින් පීසීආර් පරීක්‍ෂණ මගින් එලෙස සුපවත් වූ රෝගීන් හඳුනා ගැනීමට නොහැකියි. මේ නිසා ප‍්‍රතිදේහ පරීක්‍ෂණද මේ වෙලාවේ සිදුකළ යුතුයි.

 ඒ වගේම ඔබ අවට ඕනෑම තැනක ඕනෑම අවස්ථාවක රෝගය බෝ කිරීමේ හැකියාව සහිත රෝග ලක්‍ෂණ නොමැති පුද්ගලයන් සිටිය හැකි බව උපකල්පනය කරමින් කටයුතු කිරීම මෙම රෝගය පැතිරීම වළක්වා ගැනීමට ඉවහල් වෙනවා.

 සමාජගත නොවූ බවට සනාථ කිරීම සඳහා දත්ත එක්රැුස් කිරීමට වඩා රෝගය සමාජගත වූවා යැයි සලකමින් ඊට සූදානම් වීම සහ රට සූදානම් කිරීම වඩා ප‍්‍රායෝගිකයි.

 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝ්න් සහ චමින්ද සිල්වා

-Divaina.

The post ‘කොරෝනා සමාජ ව්‍යාප්තියක් ලෙස සලකා කටයුතු කරන්න.’ – සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති. appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 Views