කොරෝනා මර්දනයට ‘සුදර්ශනී පැණිය’ යොදා ගැනීමට රජයෙන් තීරණයක්

රට තුළ කොරෝනා මර්දනය සඳහා රජයේ රෝහල් තුළ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ එන සුදර්ශන පැණිය නවීකරණය කර භාවිතා කිරීම සම්බන්ධයෙන් අද (26) සෞඛ්‍ය අමත්‍යාංශය,ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය එකඟතාවකට පැමිණ තිබේ.

ඒ අනුව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ජාව පැවති ඇති අතර එහිදී මෙම එකඟතාවට පැමිණි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (26) රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසන්නේඑ.

ශ්‍රී ජයවර්ධන පුර වෛද්‍ය පීඨයේ සහ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ආචාර්ය, මහාචාර්ය කාණ්ඩයමක් විසින් අදාළ පර්යේෂණය සිදුකර තිබේ.

මෙහිදී ආයුර්වේදයේ එන සුදර්ශන පැණිය කොරෝනා රෝගයට අදාළව භාවිතා කළ හැකි පරිදි නවීකරණය කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

එම සියලු පරීක්ෂණ කටයුතු බටහිර වෛද්‍ය විද්‍යාව අනුව බැලූ විටත් සාර්ථක බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියි.

මෙම සාර්ථකත්වය මත ඉදිරියේදී මෙම පැණිය රජයේ රෝහල් තුළ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සඳහා ලබා දීමට කටයුතු සලස්වනු ඇති.

එම සුදර්ශන පැණිය උණ රෝගය සඳහාත් ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහාත් යොදාගත හැකි බව බටහිර වෛද්‍ය විද්‍යාව අනුවත් පෙනී ගොස් තිබෙන බවද චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම ඉදිරියේදී ආයුර්වේද රෝහල් තුළත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමටද තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 Views