ඉන්දීය මහ බැංකු ප්‍රධානියාටත් කොවිඩ්


ඉන්දීය මහ බැංකු අධිපති ශක්තිකාන්ත දාස් තමාට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

එරට කොවිඩ් වෛරසය වැළඳුනු, රජයේ ඉහළ නිලතල දරන පුද්ගලයින්ගෙන් එක අයෙක් ලෙස ඔහු සැළකේ.

63 හැවිරිදි දාස් පවසන්නේ, තමාගේ සමීපතමයින් සහ එකට රාජකාරි කළ පුද්ගලයින් ව දැනුවත් කළ බවය.

“මම හුදකලා වෙලා ඉන්නේ. රාජකාරි වැඩවලට අවශ්‍ය විදියට මැදිහත් වෙනවා. ඉන්දීය රිසව් බැංකුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.

The post ඉන්දීය මහ බැංකු ප්‍රධානියාටත් කොවිඩ් appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

27 Views