අසාධ්‍ය වන කොරෝනා රෝගීන් පමණක් රෝහල්වලට.. ඇමරිකා, යුරෝපා, ඉන්දියා ක‍්‍රමයට සූදානම්..

කොරෝනා ආසාදිත වුවත් ඉන් අසාධ්‍ය රෝගීන් පමණක් රෝහල් ගත කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිත බව තහවුරු වූ පමණින් එම පුද්ගලයන් රෝහල් ගත නොකර අතරමැදි ස්ථානයක රැුඳවීමටත් අසාධ්‍ය තත්ත්වයක් මතුවුවහොත් පමණක් රෝහල් කරා ගත කිරීමටත් සාකච්ඡා කරමින් සිටින බවයි.

ඒ අනුව රාජගිරිය ආයුර්වේද රෝහලට ආසාදිතයන් ඇතුළත් කිරීමට අනුමැතිය ලබා දුන් බවත් ඒ සඳහා කටයුතු යොදන ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ඔහු සඳහන් කළේය.

පළමු අදියරේදී අතරමැදි ස්ථානයක් ලෙස එම ආයුර්වේද රෝහල යොදාගැනීමට බලාපොරොත්තු වන බව එහිදී ලැබෙන අත්දැකීම් මත සෙසු අයුර්වේද රෝහල්ද ඒ සඳහා යොදාගත හැකි බවත් ඔහු කියා සිටියේය.

The post අසාධ්‍ය වන කොරෝනා රෝගීන් පමණක් රෝහල්වලට.. ඇමරිකා, යුරෝපා, ඉන්දියා ක‍්‍රමයට සූදානම්.. appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

22 Views