අමෙරිකානු රාජ්‍ය ලේකම් හෙට දිවයිනට
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර් පොම්පියෝ දෙදින නිල සංචාරයක් සඳහා හෙට (27) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
ඔහු මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්විමට නියමිතයි.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර් පොම්පියෝ මෙම සංචාරයේදී පාස්කු ප්‍රහාරයේ ඉලක්කයක් වූ කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයටද පැමිණිමට නියමිතයි.