අද සිට කොරෝනා ආසාධිතයින්ගේ පළමු ආශ්‍රිතයින් නිවෙස් නිරෝධායනයට – යුද හමුදාපති

අද සිට කොරෝනා ආසාධිතයන් ලෙස හඳුනාගන්නා පුද්ගලයන්ගේ පළමු ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමක් සිදු නොකොට නිවෙස් නිරෝධායනයට යොමු කෙරෙන බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මේ දක්වා සිදුකරගෙන ගිය නිරෝධායන ක්‍රමවේදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිදුකළ නැවත අධික්ෂණයක් අනුව මෙම තීරණය ගත් බවත් ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම නිවෙස් නිරෝධායන ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියා.

ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල තත්වය සතුටුදායක වුවහොත් ඇඳිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කරන බවයි ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 Views