හමුදා උපාය මාර්ගයන් භාවිතා කොට ජය ගැනීම‌ට වෛරසය සතුරෙකු නොවේ – සිවිල් සංවිධාන හා වෘත්තිකයින් රජයට කියයි

COVID-19 ට ප්‍රතිචාර දැක්වීම දේශපාලන අවශ්‍යතාවයකට වඩා වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තිකයන් මගින් සහ පවතින විද්‍යාව අනුව දැනුවත් වූ කළමණාකරණය කරන ලද ප්‍රතිචාරයක් විය යුතු බවත්, හමුදා උපාය මාර්ගයන් භාවිතා කොට ජය ගැනීමට වෛරසය යනු සතුරෙකු නොවන බවත්,  එය මෑත කාලයේ ලෝකය විසින් අත්විඳ නැති, සුවිසල් මානුෂීය අර්බුදයක් බවත් සිවිල් සංවිධාන 35ක් හා වෘත්තිකයින් 105 ක් විසින් ඊයේ (21) නිකුත් කොට ඇති ඒ්කාබද්ධ නිවේදනයක සදහන් වේ.

තම ආයතන සේවකයින් මෙන්ම සමස්ත රටේ මහජනතාවද අනතුරේ හෙලමින් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සමාගම රජය විසින් ලබා දුන් සෞඛ්‍ය රෙගුලාසි පසෙක ලා වංක ලෙස කටයුතු කර ඇති බවත්, ඒසේ සත්‍ය තොරතුරු මෙතෙක් වසන් කරගෙන සිටීමට රජයේ ඉහළම මට්ටම්වල සහාය නොමැතිව මේ මට්ටමේ මගහැරීම් වලින් ගැලවී සිටීමට නොහැකි බවත් ඒම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

කෝවිඩ් -19 වසංගත තත්ත්වය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් රජය විසින් අනුගමනය කරනු ලැබූ  ප්‍රතිපත්තිය හේතුවෙන් අවසානයේ දී රටේ සියලුම ජනතාව අවදානමට ලක්වී ඇති බව රජය විසින් හඳුනාගත යුතු බව සදහන් කරමින් රජය වෙත ඒ් පිළිබදව තම කණගාටුව ප්‍රකාශ කරමින්, වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා නිර්දෙශයන් කිහිපයක් ඔවුන් රජය වෙත යෝජනා කොට තිබේ

පහත දැක්වෙන්නේ ඒම නිවේදනයයි..

2020 ඔක්තෝබර් 22

COVID-19 සඳහා ව්‍යප්තිය රජය විසින් කළමනාකරණය කිරීම පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශය   

COVID – 19  වසංගතය ගෝලීය අර්බුදයක් වන අතර, එය තවමත් විකාශනය වෙමින් තිබේ. එහි ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉතාම ඉක්මණින් උත්සාහ කළද, ශ්‍රී ලංකාව එයින් නිදහස් වී නැත. මෙය සාමූහික හා තිරසාර උත්සාහයන් තුළින් ප්‍රතිචාර දැක්විය යුතු පෙරනොවූවිරූ අර්බුදයක් වන අතර අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ මානුෂීය අභිමානය, සමාන සැළකීම සහ විවිධ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඒ සඳහා ව්‍යාප්තිය වැළැක්වීමේ සිට ප්‍රතිකාරය දක්වා වූ පරාසයක සංගත වූ හා අඛණ්ඩ වූ උත්සාහයන් තිබිය යුතුය. වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් මේ අවස්ථාවේ අත්විඳින ආර්ථික අභියෝගයන් සඳහා ද එමගින් විසඳුම් ලබාදිය දිය යුතුය.

මෑතක දී මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හල වටා කේන්ද්‍රගත වූ වෛරසයේ හදිසි පැතිරීම පිළිබඳව රජය විසින් දැක්වූ සමස්ත ප්‍රතිචාරය පිළිබඳව අප දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින්නෙමු. වඩාත්ම අවදානමට ලක්විය හැකි අයට -මේ රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමට වෙහෙසෙන කම්හල්වල කම්කරුවන්ට- මූලික ගෞවරණීයත්වයෙන් තොරව ඉතා පහත් ලෙස සලකනු ලැබ තිබේ. ඔක්තෝබර් 11 රාත්‍රී සහ 12 හිමිදිරි උදෑසන නිරෝධායනය සඳහා කම්කරුවන් වටලාගෙන, කිසිදු පැහැදිලි කිරීමකින් තොරව නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යනු ලැබූ අතර ඔවුන්ගේ වෛද්‍ය තත්වයන් පිළිබඳව ද ප්‍රසිද්ධියේ කතා කරන ලදී. වසංගතය පිළිබඳව වාර්තා කරන මාධ්‍ය මෙන්ම රජයේ ප්‍රකාශකයින් ද කම්හල්වල කම්කරුවන් තර්ජනයක් ලෙස සළකා ඔවුන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳව කිසිඳු සැළකිල්ලක් නොදක්වමින් නිතිපතා අපකීර්තියට පත් කරමින් සිටිති. එකම සමාගම තුළ විවිධ මට්ටම්වල සිටින අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට බෙහෙවින් වෙනස් ලෙස සලකනු ලබන විට මෙය වඩාත් කැපී පෙනේ. සමාගම විසින්ම වාර්තා කරන ලද පරිදි, ඉන්දියාවේ සිට ආපසු පැමිණි කාර්ය මණ්ඩලය මනා පහසුකම් සහිත හෝටල්වල නිරෝධායනය කරන ලද අතර, ඔවුන්ට ස්වයං නිරෝධායනය සඳහා ද ඉඩ ලබා දී තිබේ. එය දැනට නිරෝධායනයට ලක්වෙමින් සිටින බ්‍රැන්ඩික්ස් සහ අනෙකුත් කර්මාන්තශාලා වල කම්හල් කම්කරුවන්ගේ තත්වයට වඩා හාත්පසින්ම වෙනස් ය.

මිනුවන්ගොඩ කම්හලේ නිවැරදිවම සිදුවූයේ කුමක්ද යන්න හෝ වරප්‍රසාද ලත් සුළු පිරිසකට පමණක් නොව එහි සියලුම සේවකයින්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය විසින් නිර්දේශිත සෞඛ්‍ය රෙගුලාසි ආදී වශයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳ විස්තර බ්‍රැන්ඩික්ස් ආයතනය මගින් වංක ලෙස සඟවා තිබේ. රජයේ ඉහළම මට්ටම්වල සහාය නොමැතිව බ්‍රැන්ඩික්ස් ආයතනයට මේ මට්ටමේ මගහැරීම් වලින් ගැලවී සිටීමට නොහැකි බව අප තරයේම විශ්වාස කරන්නෙමු.

COVID -19  වසංගතය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් රජය විසින් අනුගමනය කරනු ලබන වෙනස් කොට සැලකීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් අවසානයේ දී රටේ සියලුම ජනතාව අවදානමට ලක්වී ඇති බව රජය විසින් හඳුනාගත යුතුය. වසංගතය පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් රජය වඩාත් විනිවිදභාවයකින් හා වගකීමකින් යුතුව කටයුතු කිරීමට අත්‍යවශ්‍යවන අතරම, මේ රටේ සියලුම ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම සඳහා තම ප්‍රමුඛතාවය ලබා දිය යුතුය. වසංගතය පාලනය කිරීමේ දී ‘ජයග්‍රහණය’ ප්‍රකාශයට පත්කිරීමට ඇති උනන්දුව තුළ, පැහැඳිළිවම රජයට විසඳුම මගහැරෙමින් තිබේ. හමුදා උපාය මාර්ගයන් භාවිතා කොට ජය ගැනීමට වෛරසය යනු සතුරෙකු නොවේ.  එය මෑත කාලයේ ලෝකය විසින් අත්විඳ නැති, සුවිසල් මානුෂීය අර්බුදයකි. මෙම අර්බුදයේ විවිධ මානයන් සඳහා ප්‍රතිචාර දැක්වීමට බොහෝ අංශ එකට එකතුකරන මානුෂීය ප්‍රතිචාරයක් මෙම අවස්ථාවේදී මේ සඳහා වහාම අවශ්‍ය වේ. COVID-19 ට ප්‍රතිචාර දැක්වීම දේශපාලන අවශ්‍යතාවයකට වඩා වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තිකයන් මගින් සහ පවතින විද්‍යාව අනුව දැනුවත් වූ කළමණාකරණය කරන ලද ප්‍රතිචාරයක් විය යුතුය.

අප විසින් පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කරන්නෙමු:

  1. COVID -19 සඳහා ප්‍රතිචාර දැක්වීම දිගු කාලීන ගැටළුවකි. ශ්‍රී ලංකාවට එම ප්‍රතිචාරයන් ලිහිල් කිරීමට නොහැකි බව හඳුනා ගතයුතුය. ඒ සඳහා වෘත්තිකයින්ගේ හා විශේෂඥයින්ගේ නිරන්තර සුපරීක්ෂාව හා සැලකිලිමත් සැලසුම් කිරීම අවශ්‍ය වේ.
  2. ප්‍රජා ව්‍යාප්තියක් පවතීද යන්න නිශ්චය කර ගැනීම සඳහා පවත්නා සහ හඳුනාගත් පොකුරු වලින් පිටතPCR පරීක්ෂණ වැඩි කිරීම සහ පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම වේගවත් කිරීම.
  3. පැතිරීම වැළැක්වීම සඳහා අනිවාර්යයෙන්ම මිනිස් නිදහසට යම් යම් සීමාවන් පැනවීමට සිදුවේ – විශේෂයෙන්ම සංචලතාවය සහ ඇසුර සීමා කළ යුතුය. කෙසේ වෙතත්, සීමාවන් ක්‍රියාත්මක කිරීම නිශ්චිත ප්‍රජාවන් සහ පුද්ගලයින්, විශේෂයෙන් ආන්තික, අඩු වරප්‍රසාදිත හා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් වෙනස් කොට සැළකීමකට හේතු නොවිය යුතුය.
  4. නිරෝධායන ස්ථාන වශයෙන් දැනට සපයා ඇති ස්ථාන අධිකලෙස සෙනගින් පිරුණු, සේවා සැපයීම් දුර්වල ස්ථාන වන අතර ඒවා වෛරස ව්‍යාප්තියෙන් ගැලවීමට හිතකර නොවේ. එම ඇතැම් ස්ථානවලින් වෛරසය පැතිරීම තවදුරටත් වැඩි කිරීමට ද ඉඩ තිබේ. ආසාධිතයින් ලෙස හඳුණාගත් අය සහ ඔවුන් හා සම්බන්ධිත අය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවකයින්ගේ දැඩි අධීක්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට ලක්වීම වඩාත් සුදුසුය.
  5. ප්‍රතිකාර අවශ්‍ය අය පමණක් රෝහල් ගත කළ යුතු අතර එමඟින් සෞඛ්‍ය සේවාවලට ඇති අධික පීඩනය අවම වනු ඇත.
  6. සෞඛ්‍ය සේවා අංශය, ප්‍රවාහනය, ආහාර හා ඖෂධ බෙදා හැරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම වැනි අත්‍යවශ්‍ය සේවාවන් හි නියුතු අයට තම රාජකාරි ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා පූර්ණ සහාය ලබා දිය යුතුය. PCR උපකරණ සැපයීම, විශේෂ ප්‍රවාහන කටයුතු සහ අවශ්‍ය නම් නවාතැන් හා ආහාර සහ විශේෂ දීමනා ද මෙයට ඇතුළත් වේ.
  7. මෙම හදිසි වෛරස ව්‍යාප්තිය පෙන්නුම් කෙරෙන, කර්මාන්තශාලා සේවකයින්ගේ, විශේෂයෙන් නිදහස් වෙළඳ කලාපවල තිබෙන අතිශය අවදානම් සහඟතභාවය හඳුනාගැනීම සහ සුදුසු නවාතැන් පහසුකම් සලසා දීම. නිදහස් වෙළඳ කලාපවල කම්කරුවන්ට ඇති ගැටළු:
    1. නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීම සෞඛ්‍ය ගැටළු වලට වඩා ඉදිරියෙන් තබන දැඩි සේවා කොන්දේසි;
    2. වෛරසය පැතිරීමේ අවදානම ඉහළ මට්ටමක පවතින තදබදය සහිත ජීවත්වන තත්වයන්;
    3. ප්‍රජා සේවාවලින් බැහැර කිරීම, එහි ප්‍රතිඵලයක් වශයෙන් FTZ සේවකයින් ආධාරක සේවාවන්ගෙන් කොන් කරනු ලැබීම හා ඔවුන් රෝගාතුර වූ විට ප්‍රජාවන් විසින් අපකීර්තියට ලක් කිරීම;
    4. කම්කරුවන් ජීවත්වන කොන්දේසි පිළිබඳ සේවා යෝජකයන් ඇතුළු බලධාරීන්ගේ අවබෝධය නොමැතිකම. නිදසුනක් වශයෙන්, බොහෝ කම්කරුවන් ජීවත්වන්නේ දෛනිකව අවශ්‍ය දේවල් සපයා ගැනීම මත ය – ඔවුන්ට දින ගණනක් අත්‍යවශ්‍ය දෑ ගබඩා කිරීමට නොහැකි ය. මෙහි ප්‍රතිවිපාක දෙකක් තිබේ: අත්‍යවශ්‍ය දේ සෙවීම සඳහා ප්‍රජාව තුළ නිරන්තරයෙන් ගමන් කිරීම මෙන්ම චලනය සීමා කරන විට දැඩි දුෂ්කරතාවයන් ඇතිවීම.
  8. එබැවින්, නිදහස් වෙළඳ කලාප වැනි කේෂේත්‍රවල සේවකයින් ආරක්ෂා කිරීම සඳහා නිශ්චිත මැදිහත්වීම් අප විසින් යෝජනා කරන්නෙමු. ඒ සඳහා ඇතුළත් වන්නේ:
    1. කර්මාන්තශාලා අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ නම් සේවා යෝජකයින් සහ සේවකයින් සඳහා දැඩි ලෙස ක්‍රියාත්මක කළයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබාදීම. කම්කරුවන් දිගටම වැඩ කිරීමට අපේක්ෂා කරන්නේ නම්, ඔවුන්ගේ පදිංචිය සම්බන්ධ කටයුතු පිළිබඳව ද සේවා යෝජකයන් විසින් වගකිව යුතුය. ප්‍රවාහනය, නවාතැන්, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සහ ඔවුන්ගේ පවුල් සඳහා ආධාර කිරීම සඳහා ආරක්ෂිත පියවර ද මෙයට ඇතුළත් වේ. සේවායෝජකයින්ට මෙම සේවාවන් සැපයීමට නොහැකි නම්, කර්මාන්තශාලා විවෘතව තබා ගැනීමට ඔවුන්ට ඉඩ නොදිය යුතුය.
      1. ගුණාත්මක තත්වයේ වෛද්‍ය සේවා, නිවාඩු ආදිය සැපයීම.
      2. යම් අවස්ථාවක දී, ඔවුන්g COVID-19 ආසාදනය වූයේ නම්, නිසි වෛද්‍ය ප්‍රතිකාර, වෛද්‍ය රක්ෂණය, වැටුප් සහිත නිවාඩු යනාදිය සැපයීම.
    2. ‘බාහිරින් සේවය ලබා ගැනීමේ’ පුරුද්ද නිසා සේවා යෝජකයින්ට තම භූමියේ වැඩ කරන අයගේ වගකීම පැහැර හැරීමට ඉඩ ලැබී ඇත්තේ විශේෂයෙන් බාහිරින් ලබාගත් මෑන්පවර් සේවකයින් විසින් සිදු කරනු ලබන ඇතැම් කාර්යයන්වල නියැලෙනන සේවකයින් තම සේවකයින් ලෙස වර්ගීකරණය නොකෙරෙන බව පැවසීමෙනි. ‘බාහිරින් ලබාගත්’ කම්කරුවන් ද ඇතුළුව ඔවුන්ගේ කර්මාන්තශාලා / කාර්යාලවල වැඩකරන සියලුම වර්ගවල කම්කරුවන් සඳහා සේවා යෝජකයන් විසින් වගකිව යුතුය.
    3. සේවකයින් ප්‍රාදේශීය සෞඛ්‍ය හා සමාජ සේවාවන් සමඟ සම්බන්ධ කිරීම. ඔවුන් අදාළ ග්‍රාම නිලධාරියා වෙත ලියාපදිංචි විය යුතු අතර පොදුවේ ප්‍රජාවට ලබා දෙන සේවාවන් සඳහා ඔවුන්ට සුදුසුකම් ලැබිය යුතුය.
  9. සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීම. මෙම කාල සීමාව තුළ විශේෂයෙන් රජයේ රෝහල්, සායන ආදියෙහි අඛණ්ඩ සේවාවන් සහතික කිරීම. ප්‍රජාව තුළ සිටින බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන් සඳහා බරපතල ගැටළු ඇති කරවමින් සමහර ප්‍රධාන රෝහල්වල පවා අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් වාර්තා වේ – මේ හේතුව COVID වලට ඇති අවදානම ද වැඩි කරයි. සෞඛ්‍ය සේවාවන් අඛණ්ඩව සහතික කිරීම සඳහා සෞඛ්‍ය සේවකයින්ට බියෙන් තොරව සිය රාජකාරි ඉටු කිරීම සඳහා සියලු සහයෝගය ලබා දීම.
  10. මෙම වසංගතය පැතිරීම වළක්වාගැනීමට වඩාත්ම සාර්ථක වූ රටවල් වන්නේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඇති රටවල් ය. විශ්වාසය ගොඩනැගෙන්නේ විශ්වසනීයත්වය මත මිස බිය මත නොවේ.

ජනතාවගේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දක්වන ලෙසත් වහාම ක්‍රියාත්සක වෙමින් ඇති ක්‍රියාවලිය වෙනස් කරන ලෙසත් පහතින් අත්සන් තබා ඇති අප විසින් රජයෙන් ඉල්ලා සිටින්නෙමු. එසේ නොවුවහොත්, මෙම වර්තමාන ප්‍රතිචාරය විශේෂයෙන්ම රටේ අවවරප්‍රසාධිත කොටස් සඳහා විනාශකාරී ප්‍රතිවිපාක ඇතිකරවන බව අකාර්යක්ෂම බව, ප්‍රමාණවත් නොවන බව සහ අමානුෂික බව පැහැදිලිවම පෙනීයයි. ජනාධිපති සහ මහ මැතිවරණවලදී ලබාගත් ජනවරම ලබා ගැනීම වෙනු වෙන් මෙම රජයට සහයෝගය දැක්වූ කණ්ඩායම  මොවුන්ම වීම උත්ප්‍රාසයකි.

Signatures;
Individuals

  1. Ajitha
  2. Rahman
  3. Abiramy Sivalogananthan
  4. Amali Wedagedara – University of Hawai’i, Mānoa
  5. Amalini De Sayrah
  6. Anithra Varia
  7. Anthony Jesudasan – Human Rights Defender
  8. Anuratha Rajaretnam
  9. Anushaya Collure
  10. Ashila Niroshi Dandeniya
  11. Chamila Thushari
  12. Chandra Devanarayana
  13. Chandrika De Silva – Freelance Journalist
  14. Chintaka Rajapakse
  15. Damaris Wickremesekera
  16. Dee Jayasinghe
  17. Deekshya Illangasinghe
  18. Dilhara Pathirana
  19. Ameer Ali – School of Business and Governance – Murdoch University, Western Australia
  20. Jehan Perera
  21. Leonie Solomons
  22. Ranil D. Guneratne
  23. Dulan de Silva
  24. M.B Menike
  25. Zackariya
  26. Francis Costa Priyankara
  27. Francis Raajan
  28. Gayathri Gamage
  29. Geethika Dharmasinghe – Cornell University, New York
  30. Godfrey Yogarajah
  31. Herman Kumara
  32. Ishara Danasekara – vikalpa.org
  33. A.N.N. Priyantha Fernando
  34. Janakie Seneviratne
  35. Joe William
  36. Juwairiya Mohideen
  37. Hemalatha
  38. Nihal Ahamed
  39. Saranhan
  40. Sathiyaseelan
  41. Kalani Subasinghe
  42. Kamala Vasuki – Feminist Activist, Batticaloa
  43. Lakmali Hemachandra – Attorney-at-Law
  44. Lal Wijenayake – General Secretary, United Left Front / Wame Wedikawa
  45. Linus Jayatilake – President, United Federation of Labour (UFL)
  46. Nirmala
  47. Mahaluxmy Kurushanthan
  48. Maithreyi Rajasingam
  49. Marisa de Silva
  50. Melani Manel Perera
  51. Mujeebur Rahman (LLB)
  52. Girithy
  53. Nagulan Nesiah
  54. Nilshan Fonseka
  55. Niyanthini Kadirgamar
  56. Deepan
  57. Paba Deshapriya
  58. Padma Pushpakanthi
  59. Philip Dissanayake
  60. Philip Setunga
  61. Ajit Abeysekera
  62. Kanchana N. Ruwanpura – University of Gothenburg, Sweden
  63. Punitham Selvaratnam – Women for Justice and Peace in Sri Lanka
  64. Rajany Rajeshwary
  65. Rasika Mendis – Attorney-at-Law
  66. Dr. Jayasiri Peiris
  67. Fr. Aloysius Pieris, S.J.
  68. Fr. F.J. Gnanaraj Croos (Nehru) – Mannar
  69. Fr. Jeyabalan Croos
  70. Fr. Nandana Manatunga
  71. Fr. Reid Shelton Fernando – Retired Catholic Priest
  72. Fr. V. Yogeswaran
  73. Sr. Noel Christine Fernando
  74. Sr. Rasika Pieris HF
  75. S.D.P. Selvan
  76. Ruwan Laknath Jayakody
  77. Easwary
  78. Ithayarani
  79. Mariyarosalin
  80. Nithika
  81. Tharsan
  82. C.C. Elankovan
  83. T. Ganeshalingam
  84. Sabra Zahid
  85. Sachini Perera
  86. Sakuntala Kadirgamar
  87. Sampath Samarakoon – Editor, vikalpa.org
  88. Sandun Thudugala
  89. Sandya Salgado
  90. Sarah Arumugam – Attorney-at-Law
  91. Shreen Saroor
  92. Srinath Perera – General Secretary, Free Trade Union Centre
  93. Suchith Abeyewickreme – Social Activist
  94. Sugath Priyantha
  95. Sunanda Deshapriya – Journalist and Human Rights Activist
  96. Swasthika Arulingam – Attorney-at-Law
  97. Sylvester Jayakody – General Secretary, CMU
  98. Tisaranee Gunasekara
  99. Tharmika Sivarajah
  100. Shamini
  101. Sinthuka
  102. V. Ganeshananthan
  103. Vanie Simon
  104. Vidura Munasinghe – Attorney-at-Law & Senior Researcher, LST
  105. Vraie Cally Balthazaar


Organisations

  1. Affected Women’s Forum, Ampara
  2. Alliance Development
  3. Aluth Piyapath
  4. Ampara District Women Network (ADWN)
  5. lk
  6. Centre for Justice and Change (CJC)
  7. Ceylon Mercantile Industrial & General Workers Union (CMU)
  8. Dabindu Collective
  9. Human Elevation Organization (HEO)
  10. Human Rights Office (HRO)
  11. Lanka Solidarity
  12. Law and Society Trust (LST)
  13. Left Voice
  14. Liberation Movement
  15. Mannar Women’s Development Federation (MWDF)
  16. Movement for Land and Agricultural Reform (MONLAR)
  17. Movement for Plantation People’s Land Rights (MPPLR)
  18. Muslim Women’s Development Trust (MWDT)
  19. Muslim Women’s Research and Action Forum (MWRAF)
  20. National Fisheries Solidarity Organization (NAFSO)
  21. National Peace Council (NPC)
  22. Praja Abhilasha Network
  23. Progressive Women’s Collective
  24. Revolutionary Existence of human Development (RED)
  25. Right to Life (R2L) Human Rights Center
  26. Savisthri National Womens’ Movement
  27. Shramabhimani Kendraya
  28. Social Institute for Development of Plantation Sector (SIDPS)
  29. Standup Movement Lanka
  30. Suriya Women’s Development Centre
  31. United Federation of Labour (UFL)
  32. Upcountry Civil Society Collective (UCSC)
  33. Vallamai (A movement for Social Change)
  34. Women’s Action Network (WAN)
  35. Women’s Development Foundation, Kurunegala

 

The post හමුදා උපාය මාර්ගයන් භාවිතා කොට ජය ගැනීම‌ට වෛරසය සතුරෙකු නොවේ – සිවිල් සංවිධාන හා වෘත්තිකයින් රජයට කියයි appeared first on aithiya.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 Views