සහරාන්ගේ බිරිඳ ඇතුළු 5 දෙනෙක් රිමාන්ඩ්
ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් 05 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහෙස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහෙස්ත්රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන් වේ.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර මාලාවේ සයින්දමරුදු පිපිරිමෙන් පසු සහරාන්ගේ බිරිඳ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇය රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියේය.
මාස 18කට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත සිටි මෙම සැකකාරිය ඇතුළු 06 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා නියෝග කර තිබේ.
සහරාන් හෂිම්ගේ බිරිඳ ඊයේ (22) දිනයේ පාස්කු ප්රහාරය පිළිබඳ සාක්ෂි විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබුවේය.
The post සහරාන්ගේ බිරිඳ ඇතුළු 5 දෙනෙක් රිමාන්ඩ් appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.