රාජ්‍ය බුද්ධි සේවයේ දෙවැනියා ලෙස පොලිසිය සහ ජනතාව මුලා කළ අයෙක් අත්අඩංගුවට

රාජ්‍ය බුද්ධි සේවයේ දෙවන නිළධාරියා බවට ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයෙකු වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 3 ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

වැල්ලවත්ත පොලිසියේ සුලු පැමිණිල්ලක් විභාගයට පැමිණ ඇති මෙම සැකකරු පොලිස් නිළධාරින් සහ ජනතාව නොමග යැවීමට උත්සහ කර ඇති බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල – කළුවැල්ල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙකු වන අතර ඔහු ඊයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 3ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.

The post රාජ්‍ය බුද්ධි සේවයේ දෙවැනියා ලෙස පොලිසිය සහ ජනතාව මුලා කළ අයෙක් අත්අඩංගුවට appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 Views