බද්දේගම මංගල්‍ය උත්සවයක ගුටි බැට හුවමාරුවක්

බද්දේගම අම්පේගම ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (22 වැනිදා) පැවැති විවාහ මංගල්‍ය උත්සවයක් අතරතුර දෙපිරිසක් අතර ගැටුමක් සිදුව ඇති බවත් එහිදී මෝටර් රථයකට හා උත්සව ශාලාවේ භාණ්ඩ රැසකට අලාභහානි සිදු වී ඇති බවත් පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර මේ වනවිට සිද්ධියට අදාළව පුද්ගලයින් තිදෙනෙකුගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත. තුවාලකරුවන් කිසිවෙක් ඉදිරිපත්ව නොමැති බවත් පොලිසිය පවසයි.

මෙම මංගල උත්සවයට හික්කඩුව මලවැන්න සහ බේරතුඩුව ආදී ප්‍රදේශවල පිරිසක් සහභාගි වී ඇති අතර නර්ථනය පැවැත්වෙන අවස්ථාවේ දෙපාර්ශ්වය නියෝජනය කරනු ලබන පිරිසක් අතර ඇති වූ බහින්බස් වීමකින් පසු මෙම ගැටුම හටගෙන ඇතැයිද පොලිසිය පවසයි. සිද්ධියෙන් එක් පාර්ශ්වයක මෝටර් රථයකට දැඩි හානි සිදුව ඇත. උත්සව ශාලාවේ බඩුබාහිරාදියටද හානි සිදුව ඇත.

79 total views, 79 views today

The post බද්දේගම මංගල්‍ය උත්සවයක ගුටි බැට හුවමාරුවක් appeared first on .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 Views