පොම්පියෝගේ ලංකා ගමන වොෂිංටනය සනාථ කරලා

ශක්තිමත් ශ්‍රී ලංකාවක් සමග හවුල්කාරීත්වයක් වෙනුවෙන් එක්සත් ජනපදය දක්වන කැපවීම අවධාරණය කිරීම සඳහා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව වොෂිංටන්හි රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ (22 වැනිදා) සනාථ කර තිබේ. පොම්පියෝ ලබන සතියේ කොළඹට පැමිණෙනු ඇති බවට වූ පුවත දින කිහිපයකට පෙර නිල නොවන ලෙස දෙපාර්ශ්වයෙන්ම ප්‍රකාශ කෙරිණි.

රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිවේදනයෙහි දැක්වෙන්නේ පොම්පියෝ “ශක්තිමත්, ස්වෛරී ශ්‍රී ලංකාවක් සමග හවුල්කාරීත්වයක් සඳහා එක්සත් ජනපදය දක්වන කැපවීම අවධාරණය කිරීමට සහ නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා අපගේ පොදු අරමුණු ඉදිරියට ගෙනයාමට කොළඹට පැමිණෙන” බවයි. ‘‘රාජ්‍ය ලේකම්වරයාගේ ආසියානු සංචාරයේ අරමුණ වන්නේ එක්සත් ජනපද-ඉන්දියා විස්තීර්ණ ගෝලීය උපායමාර්ගික හවුල්කාරීත්වය ඉදිරියට ගෙන යාම සහ නවදිල්ලියේ, ඉන්දු-පැසිෆික් කලාපයේ හා ලෝකයේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගීතාව පුළුල් කිරීම සඳහා වන එක්සත් ජනපද-ඉන්දියා 2+2 අමාත්‍ය සංවාදයට සහභාගී වීමයි. ඔහු සමග ආරක්ෂක ලේකම් මාර්ක් ටී. එස්පර් සහ ඔවුන්ගේ ඉන්දීය සගයන් ද එක්වනු ඇත.’’ යනුවෙන්ද එහි දැක්වේ.

රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එම සමුළුව අතරතුරය. මයික් පොම්පියෝ, මාලදිවයින සහ ඉන්දුනීසියාව යන රටවල ද සංචාරය කරන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි

73 total views, 73 views today

The post පොම්පියෝගේ ලංකා ගමන වොෂිංටනය සනාථ කරලා appeared first on .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 Views