පෑලියගොඩ ආශ්‍රිතයන්ගේ PCR ප්‍රතිඵලවලට අනුව ඇඳිරි නීතිය ගැන තීරණය කරනවා

අද දිනයේ ලැබීමට ඇති PCR පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල අනුව පස්වරුව වනවිට කොරෝනා මර්ධන කමිටුව රැස්වී ඇඳිරි නීතිය පැනවීම පිළිබඳව ඉදිරි තීරණ ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද උදෑසන හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහනට සජීවීව එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව අද ලැබීමට නියමිත අදාළ PCR වාර්තා බහුතර ප්‍රමාණයක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ගේ බවටයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සති අන්තයේ ඇඳිරි නීතිය පැනවීමක් සිදුකිරීමට මෙම මොහොතේ අවශ්‍යතාවක් නොමැති බවයි හමුදාපතිවරයා පවසන්නේ.

අදාළ PCR වාර්තාවලට අනුව යම්කිසි අවදානමක් ඇති ප්‍රදේශයක් වේ නම් එම ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට ද ගම්මානයක් වේ නම් එය හුදෙකළා කිරීමටත් නියත වශයෙන් ම කටයුතු කෙරෙන බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.

එසේම මේ වනවිටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට ඉදිරි දින දෙකෙන් අනතුරුව එළඹෙන දිනයක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ලබාගැනීමට ඉදිරි සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල සිටින පුද්ගලයන් සති අන්තයේ හැකිතාක් සිය නිවෙස්වලම රැඳී සිටිමින් මෙම තත්වය පාලනය කරගැනීමට සහය ලබාදෙන ලෙසයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

The post පෑලියගොඩ ආශ්‍රිතයන්ගේ PCR ප්‍රතිඵලවලට අනුව ඇඳිරි නීතිය ගැන තීරණය කරනවා appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 Views