නිරෝධායන ධාරිතාව අභියෝගාත්මකයි – GMOA වෙතින් යෝජනාවලියක්

නිරෝධායන කටයුතුවල ධාරිතාව මේ වනවිට අභියෝගාත්මක වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ආයතනික නිරෝධායනය වෙනුවට වගකීම් සහගත ස්වයං නිරෝධායනය සඳහා යොමුවීමේ අවශ්‍යතාව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

එහිදී අවදානම් සහිත පිරිස් පමණක් ආයතනික නිරෝධායනය වෙත යොමුකළ හැකිවන අතර, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයන් රෝහල් නොවන කලාපවල පිහිටුවා ඇති ස්ථාන වෙත යොමු කිරීමේ ක්‍රියාවලියකට යොමුවිය යුතු බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

වැඩිහිටි සහ බෝ නොවන රෝගවලින් පෙළෙන පිරිස් සහ ජීවිත අවදානමක් ඇති රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් පමණක් ප්‍රධාන රෝහල්වලට යොමු කිරීමටත්, රෝහල් ගතකිරීමේ නිර්ණායක සකස් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහසයි.

එමෙන්ම තවමත් සමාජ ව්‍යාප්තියක් දක්වා කොරෝනා වසංගතය පැමිණ නැති බව ප්‍රකාශ කළද වසංගත රෝග නිවාරණ ඒකකය කොරෝනා ව්‍යාප්තිය මර්දනය සඳහා මුලසිට සහය දුන් කණ්ඩායම් සමග රෝග ව්‍යාප්තිය පිළිබඳ දත්ත බෙදා නොගැනීම නිසා සමාජ ව්‍යාප්තියක් ඇත්ද යන්න සම්බන්ධයෙන් තාක්ෂණික නිර්වචනය ලබාදීමට හැකියාව ඇත්තේ එම ඒකකයට පමණක් බව එම සංගමය පෙන්වා දෙනවා.

රෝගීන්ගේ හා ආශ්‍රිතයන්ගේ ව්‍යාප්තිය පිළිබඳ දත්ත තාක්ෂණික සහය ලබාදෙන කණ්ඩායම් සමඟ බෙදා නොගැනීමේන් සිදුවිය හැකි බරපතල තත්ත්වයේ වගකීම වසංගත රෝග නිවාරණ ඒකකය භාරගත යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා රෝගය තම දේශපාලනික ව්‍යාපාරය හෝ දේශපාලනික වාසි සඳහා යොදා නොගන්නා ලෙස පැහැදිලිවම ඉල්ලා ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කෙසේ වුවත් රට තුල පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ගැන සලකා බලා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කරුණු 04ක් ඇතුලත් යෝජනාවලියක් ඉදිරිපත් කොට ඇත.

The post නිරෝධායන ධාරිතාව අභියෝගාත්මකයි – GMOA වෙතින් යෝජනාවලියක් appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 Views