LTTE තහනම ඉවත් කිරීමේ බ්‍රිතාන්‍ය තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකාවෙන් අභියාචනයක්

සංවිධානය තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට එරෙහිව බ්‍රිතාන්‍ය අභියාචනා කොමිසමක් විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකාව විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

කොමිෂන් සභාව විසින් ඊයේ ලබාදුන් විවෘත තීන්දුව පිළිබඳව ශ්‍රී ලංකාව දැනුවත් කර ඇති බව මෙරට විදේශ අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

2000 එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේ 2001 වසරේදී LTTE සංවිධානය එරට තහනම් සංවිධානයක් ලෙස බ්‍රිතාන්‍ය විසින් නම් කරන ලදි.

එම තීන්දුවට එරෙහිව Transnational Government of Tamil Eelam’s (TGTE) නැමති සංවිධානයක් විසින් 2019 වසරේදී ගොණු කල අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය විනිශ්චය සභාවක් විසින් ඊයේ දින එරට එල්ටීටීඊ තහනමට එරෙහිව තීන්දුවක් ලබාදෙන ලදි.

සබැඳි ලිපි..

The post LTTE තහනම ඉවත් කිරීමේ බ්‍රිතාන්‍ය තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකාවෙන් අභියාචනයක් appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 Views