20 කිසිම අවුලක් නෑ.. සම්මත කරන්න සහාය දෙන්න.. විරෝධය දක්වන අයගේ ඉල්ලීම්වල කිසිම තේරුමක් නෑ – සරත් වීරසේකර
එනිසා විරෝධතා නවතා පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සහාය වන ලෙස ආගමික නායකයින් ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
කොළඹ වියත්මග කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පලකලේය.
කෙසේ නමුත් විසිවන සංශෝධනය ඉදිරිපත් කළ ආකාරයේ වරදක් ඇති බව තමන් පිළිගන්නා බවද ඔහු මෙමගින් සිදු වන්නේ 19 සංශෝධනය අහෝසි කිරීමක් බව ජනතාවට මීට පෙර අවබෝධ කර දිය යුතුව තිබූ බව ද පැවසීය.
ස්වාමීන් වහන්සේලා සහ අනෙකුත් දේශප්‍රේමීන් සංවිධාන වල මතය නිවැරදි බවත් මීට පෙර මෙය පැහැදිලි කළා මෙය සිදු වන්නේ නැති බවත් ඔහු පැවසීය.
විවිධ සංවිධාන විසින් ඉදිරිපත් කරන ඉල්ලීම්වල තේරුමක් නැති බවත් ඔහු තවදුරටත් එහිදී සඳහන් කළේය.
The post 20 කිසිම අවුලක් නෑ.. සම්මත කරන්න සහාය දෙන්න.. විරෝධය දක්වන අයගේ ඉල්ලීම්වල කිසිම තේරුමක් නෑ – සරත් වීරසේකර appeared first on Helanews.