14 වන කොරෝනා මරණයත් මෙරටින් වාර්තා වෙයි
50 හැවිරිදි කුලියාපිටිය ප්රදේශයේ කාන්තාවක් කොළඹ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අද සවස මියගොස් ඇති බව වාර්තා වනවා.
කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටි මෙම කාන්තාවට ඇති වූ නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙසේ මිය ගොස් ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඒ අනුව මෙරටින් වාර්තා වූ 14 වන කොවිඩ් මරණය මෙය වනවා.