විස්ස ගැන ඡන්ද විමසීම අද පස්වරුවේ

විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදයේ දෙවන දිනය අදයි.

ඒ අනුව විවාදය අද පෙරවරු 10ටයි ආරම්භ වීමට නියමිත අතර, පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

මේ අතර, අදාළ ඡන්ද විමසීම රහස් ඡන්දයක් ලෙස පවත්වන්නැයි මාර්තු 12 ව්‍යාපාරය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එසේ කළහොත් ජනතා නියෝජිතයින්ට හෘද සාක්ෂියට එකඟව 20 වන සංශෝධනයට ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දය ලබාදිය හැකි බවයි එම ව්‍යාපාරය පෙන්වා දෙන්නේ.

මේ අතර, 20 වන සංශෝධනයට එරෙහිව අද දිනයේත් විරෝධතා සිදුකරන බවයි සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ.

The post විස්ස ගැන ඡන්ද විමසීම අද පස්වරුවේ appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 Views