මෙරට 14 වන කෝවිඩ් මරණය වාර්තා වෙයි
ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14වන කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.
එසේ මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
ඇය කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබේ.
මෙරට දී හඳුනාගත් පළමු කොරෝනා ආසාදිතයා ජනවාරි මස 27 වන දා වාර්තා විය. ඒ චීනයේ හුබෙයි පළාතේ සිට මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවකි.
කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් වාර්තා වන්නේ මාර්තු මස 11 වන දාය. එම ආසාදිතයා සංචාරක මඟ පෙන්වන්නෙකි.
ඒ අනුව මැයි 19 වන දින වන විට මෙරට වාර්තා වන සමස්ථ ආසාදිතයින් 1000 සංඛ්‍යාව ඉක්මවා ගියේය. ජූනි මස 24 වන දින ආසාදිතයින් 2000ත්, අගෝස්තු 30 වන දින ආසාදිතයින් 3000ත් ඔක්තෝබර් 6 වන දින ආසාදිතයින් 4000 සීමාවත් ඉක්මවා ගිය අතර, ඔක්තෝබර් 13 වන දින 5000 සීමාවත් ඉක්මවා යන ලදි..
ඒ අනුව දින 9ක් වැනි කෙටි කාලයක් තුළ දී මෙරට අවසන් කොරෝනා ආසාදිතයින් 1000 වාර්තා වීම සුවිශේෂි වේ.
ඒ අනුව, මේ විට මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 14කි.
The post මෙරට 14 වන කෝවිඩ් මරණය වාර්තා වෙයි appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.