මහජන ගැටළු ගැන බලන්න ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 04ක්
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ සහ කොළඹ උතුර පොලිස් කොට්ඨාශවල මහජන ගැටළු සහ කර්මාන්තශාලා පවත්වාගෙන යෑම පිළිබඳ ගැටළු සම්බන්ධීකරණය සඳහා ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 04 ක් පත් කර තිබෙනවා
මෙම පත් කිරීම් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සිදු කර තිබෙනවා
කැලණිය කොට්ඨාශය- ජ්‍යෙ.පො.අ. – එම්.කේ.ආර්.ඒ. ගුණරත්න-0718591605
ගම්පහ කොට්ඨාශය- ස.පො.අ. -තුසිත කුමාර-0718591610
මීගමුව කොට්ඨාශය-පො.අ.- පාලිත අමරතුංග-0718591632
කොළඹ උතුර-ජ්‍යෙ.පො.අ.- නිරංජන් අබේවර්ධන – 0718591574
ඇඳිරි නීති බලපත්‍ර ගැටළු, කර්මාන්තශාලා පවත්වාගෙන යෑම පිළිබඳ ගැටළු ඇතොත් මෙම උසස් පොලිස් නිලධාරීන් සම්බන්ධ කරගෙන උපදෙස් ලබාගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඉල්ලා සිටිනවා
තවද අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන ජලය,විදුලිය,වෛද්‍යසේවා,සන්නිවේදන,ජනමාධ්‍ය සඳහා හැදුනුම්පත් භාවිතා කිරීමට අවසර ලබා දී තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකශකවරයා දන්වා සිටිනවා
The post මහජන ගැටළු ගැන බලන්න ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 04ක් appeared first on LIVE at 8 News.